තවත්
    මුල් පිටුවඅනාවරණසයිනොෆාම් එන්නත් සොරකමක් ගැන පොලීසියෙන් පරීක්ෂණයක්

    සයිනොෆාම් එන්නත් සොරකමක් ගැන පොලීසියෙන් පරීක්ෂණයක්

    සයිනොෆාම් එන්නත් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (16) සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ගාල්ල හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් හබරාදූව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    රුපියල් 90000 ක් පමණ වටිනා එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමකට ලක්ව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින රියදුරෙක් සහ සුළු සේවකයෙක් ඒ සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img