තවත්
    මුල් පිටුවදේශීය පුවත්අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය ඉවත් කරයි

    අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය ඉවත් කරයි

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ සුබසාධන අංශ අධ්‍යක්ෂධූරයට ස්ථාන මාරුකර තිබේ.

    ඊට අදාල පොලිස්පති නියෝගය අද (17) පොලිස් මූලස්ථානය විසින් නිකුත්කර ඇත.

    ඇගේ ස්ථාන මාරුවීමෙන් ඇතිවන පුරප්පාඩුව සදහා නුගේගොඩ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාව පත්කර තිබේ.

    පද්මිණී වීරසූරිය මහත්මිය අල්ලස් කොමිෂන් ඉතිහාසයේ පළමු කාන්තා විමර්ශන අංශ අධ්‍යක්ෂකවරියයි. 2016 වසරේ මැයි මාසයේදී සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස අල්ලස් කොමිසමට එක්වන ඇය එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයද දැරුවේය.

    අල්ලස් කොමිසමේ එවකට සිටි විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස් වීමක් ලැබීමත් සමග 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට එම තනතුරට පද්මිණී වීරසූරිය මහත්මිය පත්කරනු ලැබීය.

    2020 වසරේ පෙබරවාරියේදී හිටි හැටියේම අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරයෙන් පද්මිණී වීරසූරිය මහත්මිය ඉවත්කර නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කටයුතු සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස අලුත් පත්වීමක් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තේය. එම අවස්ථාවේදීද අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරයට නම් කරනු ලැබුවේ නුවන් අසංක මහතාවය. එකළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටියේය.

    පද්මිණි වීරසූරිය මහත්මියගේ ස්ථාන මාරුවීම සමාජයේ දැඩි කථාබහකට ලක්වීමට පටන් ගැනීමත් සමග පොලිස් මූලස්ථානය එය අවලංගු කරනු ලැබීය. අනතුරුව ඇයට තවත් ස්ථාන මාරුවීමක් සූදානම් වන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකයටය. එයද පසුව අවලංගු විය. නැවතත් ඉකුත් ඔක්තෝම්බරයේදී ඇයට ස්ථාන මාරුවක් ලැබෙන්නේ යාපනයටය. එම ස්ථාන මාරුවීමත් අවංගු වන්නේ සමාජයේ ඒ සම්බන්ධයෙන් දැඩි කථාබහක් ඇතිවීම හේතුකොටගෙනය.නැවතත් පද්මිණි වීරසූරිය මහත්මියට ස්ථාන මාරුවීමක් අද (17) උදෑසනම ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img