තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ් මර්දන බෙහෙත් සොයාගත් බව කී කරාපිටියේ දොස්තර ගැන පරීක්ෂණයක්

    කොවිඩ් මර්දන බෙහෙත් සොයාගත් බව කී කරාපිටියේ දොස්තර ගැන පරීක්ෂණයක්

    අංජනා මල්ලවආරච්චි

    කොරෝනා ඖෂධ සොයා ගත් බවට ප්‍රචාරය කරමින් ජනතාව නොමඟ යවන වෛද්‍යවරුන්ට එරෙහිව වෛද්‍ය සභා ආඥා පනත යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි.

    කොරෝනා ඖෂධ සහ ගත් බව කී වෛද්‍යවරයා වෛද්‍ය සභාවේ ලියා පදිංචි අයෙකු නම් ඔහු විසින් සොයාගත් බව කියන ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවද මහාචාර්යවරයා කියයි.

    ඇතැම් වෛද්‍යවරුන් කොවිඩ් මර්දන ඖෂධ සොයා ගත් බව කියමින් විවිධාකාර ප්‍රචාරය වෙමින් තිබෙන බව ද ඒ පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිරන්තර අවධානයෙන් පසුවන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කොරෝනා ඖෂධ සොයාගත් බවට ප්‍රචාර‍ය කරන විවිධ වෛද්‍යවරුන් පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව දැනුම් දිය හැකි බවද සභාපති වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් කොරෝනා මර්ධන ඖෂධයක් සොයාගෙන ඇති බවට ඉකුත් දා ප්‍රචාරයක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා කොරෝනා ඖෂධයක් සොයාගත් බව කියන එම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ද අවධානය යොමුව ඇත.

    කොරෝනා මර්ධන ඖෂධයක් සොයා ගත් බවට සමාජ මාධ්‍ය මඟින් සම්මුඛ සාකච්ඡාවලට පෙනී සිටි කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img