Home උණුසුම් පුවත් රටපුරා එළවළු මිල වෙළෙන්දෝ දැරිය නොහැකි තරමට ගණන් උස්සලා

රටපුරා එළවළු මිල වෙළෙන්දෝ දැරිය නොහැකි තරමට ගණන් උස්සලා

රටපුරා එළවළු මිල වෙළෙන්දෝ දැරිය නොහැකි තරමට ගණන් උස්සලා

අංජනා මල්ලවාරච්චි

මේ දිනවල රටපුරා එළවලු මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

කොළඹ හා තදාසන්න නගරවලත් දිවයිනේ පිටපළාත්වලත් මිල ගනන් දැරිය නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.

සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වලට එළවළු රැගෙන එන ජංගම රථවල වෙළෙන්දන් සිතූ සිතූ ගණන්වලට ගණන්වලට එළවළු අලෙවි කරන බව ද ඔවුහු පවසති.

එළවළු ග්‍රෑම් 250ක මිල ඉකුත් කාලයේදී රුපියල් 30-40ත් අතර තිබූ නමුත් මේ වන විට එය රුපියල් 60-70ක් අතර මිලකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ කියති.

බෝංචි කිලෝවක මිල රුපියල් දෙසිය 240-280ත් අතරද මෑකරල් කිලෝවක මිල රුපියල් 190ත්-230ත් අතරද මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 400-480ත් අතර මිලකට අද අලෙවි කෙරුණු බව වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

ලීක්ස් කිලෝව රුපියල් 280 ක් ද රතු අල කිලෝවක් රුපියල් 260ක් ද ආදී වශයෙන් අද අලෙවි වූ බවට වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here