Home උණුසුම් පුවත් මෙට්‍රික් ටොන් 3ක් තිබුණු ගිනිගත් නැවේ තෙල් දැන් නෑ

මෙට්‍රික් ටොන් 3ක් තිබුණු ගිනිගත් නැවේ තෙල් දැන් නෑ

මෙට්‍රික් ටොන් 3ක් තිබුණු ගිනිගත් නැවේ තෙල් දැන් නෑ

කොළඹ වරායට නුදුරු මුහුදේදී පසුගිය දා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල පැවති මෙට්‍රික්ටොන් 300ක පමණ ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිතව ලැබුණු වාර්තා අනුව පෙනී යන්නේ යැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරිය පවසයි.

මෙම නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තා ඒ බව අනුමාන කර ඇති බව එම අධිකාරිය කීය.

“මේ නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300ක් තිබුණා. අපි දිනපතාම මේ නෞකාව ආසන්නයේ ජල සාම්පල අරගෙන ඉන්ධන මුසුවෙලා ද කියලා අපි පරීක්ෂා කරනවා. නමුත් මේ වනකම් එහෙම දෙයක් දැනගන්නට ලැබිලා නෑ.

නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ ලිඛිත නිරීක්ෂණවල සඳහන් කරලා තියෙන්නේ බොහෝවිට මෙම ගින්න පැවති ආකාරයත් පැවැති දින ගණනත් එක්ක සහ උෂ්ණත්වය අනුව නෞකාවේ ඉන්ධන අඩංගු විය නොහැකි බවට.” යැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පවසා ඇත.

නැව ගිනිගැනීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ සිටි මසුන් රැසක් මියගොස් වරින් වර වෙරළට ගොඩගසමින් තිබේ.

මේ අනුව එම මිය ගිය සතුන්ගේ සිරුරුවල අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here