තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේදී බිත්තර-කුකුළු මස් හිඟයක්

    ඉදිරියේදී බිත්තර-කුකුළු මස් හිඟයක්

    අංජනා මල්ලවාරච්චි

    කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් තව මාස දෙක තුනකින් බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිඟයක් මතුවීමද ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

    මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන් වේ.

    ඒ අනුව බිත්තර සහ කුකුළු මස් මිල ඉතා ඉහල ගොස් ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සභාපති අජිත් ගුණසේකර මහතා කීය.

    කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ඉරිඟු ආනයනය කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අමාරුවේ වැටී ඇතැයි ද අජිත් ගුණසේකර මහතා කීය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img