Home උණුසුම් පුවත් “වතුර බොන්න..වතුර” කියමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොකාකෝලා ඉවත් කරයි

“වතුර බොන්න..වතුර” කියමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොකාකෝලා ඉවත් කරයි

“වතුර බොන්න..වතුර” කියමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොකාකෝලා ඉවත් කරයි

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එරට දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට අසුන් ගත් සැණින් කළ දෙයක වීඩියෝ දර්ශන සමාජ ජාල පුරා වෛරසයක් මෙන් සැරිසරමින් තිබේ.

එනම් මාධ්‍ය හමුවේදී ඔහු අසුන් ගන්නා ප්‍රධාන මේසය මත ඔහු ඉදිරිපිට අනුග්‍රාහකත්වය සංකේතවත් කරමින් තබා තිබූ කොකාකෝලා බෝතල් දෙකක් වහාම ඉවත් කරමින් ‘වතුර බොන්න වතුර… කොකාකෝලා නෙවෙයි’ යනුවෙන් කෝප වූ හැගීමකින් පවසමින් කැමරා කෝණයෙන් මුළුමනින්ම පිටතින් තැබීය.

ඒ දෙස ඔහුගේ පුහුණුකරු සැන්ටොස් පවා බලා සිටින්නේ විමතියෙනි. එහෙත් ඔහු සුපුරුදු පරිදි මාධ්‍ය හමුව අමතයි.

36 වැනි වියෙහි සිටිින ඔහු තවමත් ලෝකයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම පාපන්දු පිටියේ ‘භයානකම ස්ටයිකර්’ ලෙසින් සළකන ක්‍රීඩකයායි.

රොනාල්ඩෝ හංගේරියාවට එරෙහිව UFA Euro ශූරතාවලියේ කිරුළ ආරක්ෂා කිරීම බුඩාපෙස්ට්හි ෆෙරෙන්ක් පස්කස් ක්‍රීඩාංගණයේදී තරගය අද ඇරඹෙනු ඇත.

රොනාල්ඩෝ සිය දිගු හා කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඉහළ පෙළේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස තබා ඇති සංකේතය නොබිදිමින් වෘත්තියභාවය ආරක්ෂා කරන ක්‍රීඩකයෙකි. රොනාල්ඩෝ මීට පෙර ද ක්ෂණික කෑම, සිරුරට අහිතකර ආහාරපාන සඳහා ඇති අකමැත්ත ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

‘සමහර විට මගේ පුතාත් කොකාකෝලා සහ ෆැන්ටා පානය කරනවා. ඔහු ෆ්‍රයිස් පවා කනවා. මම එයට කැමති නැති බව ඔහු දන්නවා. මම මගේ පුතාටත් මම ඒ ගැන තදින් ඉන්න කෙනෙක්” ක්‍රිස්ටියානෝ මෑතකදී පවසා තිබුණි.

https://twitter.com/FutbolBible/status/1404522910107291650

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here