ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නෞකා නියෝජිතායතනයේ කාර්යාලයටත් ඔවුන් පදිංචි නිවාස වලටත් ගොස් ඇත. ඒ අයගෙන් කිහිප දෙනෙක් දුරකතන පවා අක්‍රියකරමින් සැගවී සිටින බව පෙනී යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.