මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර නැතැයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා සදහන් කරයි.
පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු ගම්මාන රැසක් යටවිය. අධිවේගී මාර්ගයේ ඉදිකිිරීම් හේතුවෙන් තම ගම්බිම් යටවූ බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය.
ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකරමින් කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුවේ සාමාජිකයෙක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ නතර කළ බව මාධ්‍යට ප්‍රකාශ කළේය.
මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා සදහන් කරන්නේ සැළසුම් ප්‍රකාරව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවන බවය.
ඉතා කෙටි කාලයකදී මිලිමීටර් 300කට අධික වර්ෂාපතනයත් පැවතීමත් ප්‍රදේශයේ ජලය බැසයෑම සඳහා ඇති කාණු පද්ධති සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත් දුම්රිය මාර්ගයේ ජලය බැසයෑමේ අවහිරතාත් ගම්පහ ගංවතුර සඳහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හඳුනාගෙන ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
අධිවේග මාර්ගය තැනීමට ප්‍රථම සිදුකරන ලද ශක්‍යතා අධ්‍යයනයේ දී සිදුකළ ජල කළමනාකරණ අධ්‍යයනය නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් ප්‍රමාණය සංශෝධනය කිරීමටත් ගංවතුර සම්බන්යෙන් කරුණු සොයා බැලීමට පත්කල කමිටුව නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කළ බවද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි