තවත්
    මුල් පිටුවCOVIDMask එක නැතුව Face shield එකක් පැළඳීම වැඩක් නෑ

    Mask එක නැතුව Face shield එකක් පැළඳීම වැඩක් නෑ

    කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණය (face mask) නොමැතිව face shield භාවිත කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසයි.

    ඒ පිළිබඳ ඔවුන් විසින් කරන ලද සවිස්තරාත්මක සටහන පහත දැක්වේ.

    “අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

    එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විෂබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

    තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

    එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

    මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ වසංගතයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

    මේ වසංගතය පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img