තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිල බර ගම්මන්පිල මත පැටවීම කට්ටිවාදී වැඩක් - ආණ්ඩුවේ පක්ෂ 8කින්...

    ඉන්ධන මිල බර ගම්මන්පිල මත පැටවීම කට්ටිවාදී වැඩක් – ආණ්ඩුවේ පක්ෂ 8කින් චෝදනා

    අංජනා මල්ලවාරච්චි

    ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමතිවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක් නියෝජිතයින් සිය අත්සන් සහිතව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඉන්ධන මිළ ඉහළ නැංවීමේ තීරණය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්‌ සභ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්‌ රැස්වුණු ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින්‌ ගනු ලැබූ තීරණයක්‌ වූ අතර එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්‌, පත්‌ කළ මන්ත්‍රි සාගර කාරියවසම්‌ මහතා එම තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමති මත පටවා එමගින්‌ ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවයි.

    ඉන්ධන මිල වැඩි කිරීම රජයේ තීරණයක් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින්‌ ද මේ බව තහවුරු කර තිබුණි.

    ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන බවය.

    Press-Release-2021.06.14-1

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img