Home උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය සේවයේ නිරත වාප්පු නිලධාරීනුත් පහසුකම් ඉල්ලයි

අත්‍යාවශ්‍ය සේවයේ නිරත වාප්පු නිලධාරීනුත් පහසුකම් ඉල්ලයි

අත්‍යාවශ්‍ය සේවයේ නිරත වාප්පු නිලධාරීනුත් පහසුකම් ඉල්ලයි

අංජනා මල්ලවාරච්චි

අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති වාප්පු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නැයි ලංකා වාප්පු සේවා සංගමය මුදල් ඇමතිවරයා ගෙන් ඉල්ලීමක් කරයි.

භාණ්ඩ අපනයනයේදී නිෂ්කාශන ක්‍රියාවලියට අදාළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ආනයන කරුවන් අතර සම්බන්ධතාව සලසන සේවාවක් ලෙස වාප්පු සේවාව මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ.

දිනෙන් දිනම වාප්පු ලිපිකරුවන් කොවිඩ් අනතුරට ලක්වන තත්ත්වයක් ඇති බවට පෙනෙන්නට තිබේ.

එමනිසා නිසා වාප්පුකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා වාප්පු සේවා සංගමය ඉල්ලීමක් කරයි.

ආනයන අපනයන ක්‍රියාවලියේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී තදබදය අඩුවන සේ කවුළු අසල ක්‍රමවේදයක් සකස් කිරීම, වාප්පු නිලධාරීන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සහ වාප්පු සේවකයින්ගේ ඡායාරූප බැනර් මගින් වරාය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත් කිරීම ජන ඉල්ලීම් ලබා දෙන්නැයි මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා වාප්පු සංගමයේ සභාපති ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here