Home දේශීය පුවත් උණුසුම් පුවත් ඩොල්ෆින් සහ කැස්බෑ සිරුරු අදත් වෙරළට ගොඩගසයි – ගිනි ගත් නැව් සමාගමට වනජීවියෙනුත් නඩු

ඩොල්ෆින් සහ කැස්බෑ සිරුරු අදත් වෙරළට ගොඩගසයි – ගිනි ගත් නැව් සමාගමට වනජීවියෙනුත් නඩු

0
ඩොල්ෆින් සහ කැස්බෑ සිරුරු අදත් වෙරළට ගොඩගසයි – ගිනි ගත් නැව් සමාගමට වනජීවියෙනුත් නඩු

ඩොල්ෆින්

මත්ස්‍යයෙකුගේ සහ කැස්බෑවන් පස් දෙනෙකුගේ සිරුරු අදත් (14) හලාවත සහ අලුත්ගම වෙරළ තීරවලට ගොඩගසා තිබී ඇත.

ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරයි.

නෞකාවේ ගින්නෙන් පසු මේ වන විට කැස්බෑවුන් 30 කට වැඩි ප්‍රමාණයකත් ඩොල්ෆින් මත්ස්‍යයින් 05 දෙනෙකුගේත් සිරුරු වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බව වනජීවී අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළේය.

මියගිය එම සත්ත්වයින්ගේ සිරුරු වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කොස්ගොඩ, ඉදුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල සහ තුඩුවාව යන වෙරළ තීරයන්වලට ගොඩගසා තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් වනජීවි ආඥා පනත යටතේ නෞකාව හිමි සමාගමට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here