Home COVID කොවිඩ් සම්බන්ධයෙන් අපි ඉන්නේ ඉන්දියාවට වඩා නරක තැනක බව නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පිළිගනී

කොවිඩ් සම්බන්ධයෙන් අපි ඉන්නේ ඉන්දියාවට වඩා නරක තැනක බව නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පිළිගනී

0
කොවිඩ් සම්බන්ධයෙන් අපි ඉන්නේ ඉන්දියාවට වඩා නරක තැනක බව නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පිළිගනී

මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ජනගහන අනුපාතයට අනුව සැසදීමේදී ඉන්දියාවේ හමුවන දෛනික කොවිඩ් ආසාදියන්ගේ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නා බව ජාත්‍යන්තරයෙන් එකතුකරගත් දත්ත දිහා බැලීමේදි පෙනී යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

ලංකාව අනපේක්ෂිත ලෙස අවුරුදු කාලයෙන් පසු දෙතුන් ගුණයකින් කොවිඩ් රෝගීන්ගෙන් ඉහළ යාමක් සිදුවූ බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි. එය තවදුරටත් වැඩිවන්නට ඉඩනොදී පවත්වාගෙන යාමට උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවද ඔහු සදහන් කරයි.

පෙනී යන දත්ත දෙස බැලීමේදී මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ යම් අඩුවීමක් දකින්නට ලැබෙන බවද ඔහු පවසයි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ සුළු වැඩිවීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කියයි. අනතුරුව ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here