Home දේශීය පුවත් ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබුණු කෙරළ ගංජා කිලෝ 237 ක් සමග 03 ක් නාවික හමුදාවට කොටුවේ

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබුණු කෙරළ ගංජා කිලෝ 237 ක් සමග 03 ක් නාවික හමුදාවට කොටුවේ

0
ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබුණු කෙරළ ගංජා කිලෝ 237 ක් සමග 03 ක් නාවික හමුදාවට කොටුවේ

ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට රැගෙන එමින් තිබුණු රුපියල් මිලියන 71 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් තිදෙනෙක් ඩිංගි බෝට්ටුවක්ද සමග නාවික හමුදාව අද (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කිරීමේදී මෙම ගංජා තොගය හමුවූ බව නාවික හමුදාව සදහන් කරයි. කේරළ ගංජා ගෝනි දෙකක් බෝට්ටුවේ තිබී ඇති අතර ගෝනි 06 ක් සොයා ගෙන ඇත්තේ මුහුදට විසිකර තිබියදීය.

මෙම ගංජා තොගය සමග නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 28ත් 29ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමට හැකි විය. මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇති අතර, නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here