මුල් පිටුව COVID දින ගණනක් පරණ කොවිඩ් මරණ ප්‍රසිද්ධ කිරීම් නවතී – ඉදිරියට ප්‍රසිද්ධ...

දින ගණනක් පරණ කොවිඩ් මරණ ප්‍රසිද්ධ කිරීම් නවතී – ඉදිරියට ප්‍රසිද්ධ කරන්නේ දෛනික කොවිඩ් මරණ පමණයි

0

කොවිඩ් ආශ්‍රිත මරණ පැය 48 ක් තුළ වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

“මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණයි. නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි. ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී අපි වාර්තා කරන්න කටයුතු කරනවා.” යැයි සෞඛ්‍යෙස්වා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම නව ක්‍රමවේදයට අනුව මින් ඉදිරියට පසුගිය දින වල කොවිඩ් මරණ වාර්තා කෙරෙන්නේ නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version