Home උණුසුම් පුවත් බැංකු ණය- ලීසිංවලට සහන අවශ්‍ය නම් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළ යුතුයි

බැංකු ණය- ලීසිංවලට සහන අවශ්‍ය නම් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළ යුතුයි

බැංකු ණය- ලීසිංවලට සහන අවශ්‍ය නම් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළ යුතුයි

අංජනා මල්ලවාරච්චි

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් බැංකු ණය සහ ලීසිං සඳහා තවදුරටත් සහන අවශ්‍ය නම් ඒ පිළිබඳ අදාළ බැංකු වෙතින් ලිඛිත ඉල්ලීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වාණිජ බැංකුවලින් ගත් ණය සහ ලීසිං සඳහා මේ මස 21 වැනි දිනට පෙර බැංකු නොවන මූල්‍ය සමාගම්වලින් ගත් ණය සඳහා ජූලි මස 15 වන දිනට පෙරත් සහන ඉල්ලීම් ලිපි ලබා දිය යුතු බවද මහ බැංකුව කියයි.

ණය ලබා ගත් පුද්ගලයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන්නැයිද බැංකු හා මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

මේ සම්බන්ධ ගැටලු ඇත්නම් ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට දුරකථන අංක 0112477966 ඔස්සේ දැනුම් දී විස්තර ලබාගත හැකි බවද මහ බැංකුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here