Home COVID එංගලන්තයේ සිංහලේ ශාඛාවෙන් අනුරාධපුරයේ කොවිඩ් රෝහල් වෙත වෛද්‍යාධාර

එංගලන්තයේ සිංහලේ ශාඛාවෙන් අනුරාධපුරයේ කොවිඩ් රෝහල් වෙත වෛද්‍යාධාර

එංගලන්තයේ සිංහලේ ශාඛාවෙන් අනුරාධපුරයේ කොවිඩ් රෝහල් වෙත වෛද්‍යාධාර

රටේ පවතින කොවිඩ් වසංගතය මර්දනය කිරීම උදෙසා දායකත්වය දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝහල් කිහිපයක් වෙත වෛද්‍ය උපකරණ තොගයක් එක්සත්‍ රාජධානියේ සිංහලේ ශාඛාවේ සභාපති විශේෂඥ මනෝවෛද්‍ය එම්.බී රණතුංග මහතා ඇතුළු දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් පරිත්‍යාග කර තිබේ.

සිංහලේ සංවිධානයේ සම්බන්ධීකරණයෙන් නොච්චියාගම හා තබුත්තේගම රෝහල්වලදී මෙම පරිත්‍යාගය සිදුකෙරිණ.

සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා ඇතුළු පිරිසක් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ රෝහල් බලධාරීන් වෙත එම පරිත්‍යාගය සිදුකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here