Home උණුසුම් පුවත් වැස්ස – තද සුළං – අකුණුවලින් ප්‍රවේශම්වන්නැයි කාලගුණ විද්‍යාඥයෝ දන්වති

වැස්ස – තද සුළං – අකුණුවලින් ප්‍රවේශම්වන්නැයි කාලගුණ විද්‍යාඥයෝ දන්වති

වැස්ස – තද සුළං – අකුණුවලින් ප්‍රවේශම්වන්නැයි කාලගුණ විද්‍යාඥයෝ දන්වති

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින්‌ විට වැසි හෝ ගිගුරුම්‌ සගිත වැසි ඇති වන බැවින් වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්‌ සහ අකුණු මඟින්‌ සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඇතැම්‌ ස්ථානවලට මි.මි.50 ක පමණ තරමක්‌ තද වැසි ද ඇතිවිය හැක.

බස්නාගිර සහ වයඹ පළාත්වලත්‌ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්‌ වැසි චාර කිහිපයක්‌ ඇති වේ.

මධාම කඳුකරයේ බටගිර බෑවුම්‌ ප්‍රදේශවලත්‌, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්‌ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්‌ සුළගේ වේගය පැ.කි.මි. (30-40) පමණ වන අතර චිටින්‌ විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here