අංජනා මල්ලවාරච්චි
වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස පවසමින් රට පුරා රෝහල්වල හෙද හෙදියෝ මේ සතිය ඇතුලත නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම්ව සිටිති.
හෙද හෙදියන්ගේ ගැටළුවට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ට දින 14ක කාලයක් ලබාදී තිබූ අතර එම දිනය හෙටින් අවසන් වීමට නියමිත බව ද සමස්ත ලංකා හෙද සංගමය සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පැවසීය.
හෙද කාර්ය මණ්ඩලයට රුපියල් පන්දහසක අනතුරු දීමනාවක් ලබාදීම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම, හෙද සභාව නැවත ශක්තිය කිරීම, හෙද සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීම, හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂිත රාජකාරියේ පමණක් යෙදවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලබන සතියේ සිට ඒම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද මැදිවත්ත මහතා කීය.
හෙද හෙදියන්ගේ ඉල්ලීම් ලබා ගැනීම සඳහා තිස් එක් වෙනි දින රෝහල්වල හෙද වර්ජනයක් ක්‍රියාත්මක කළ බවද මැදිවත්ත මහතා පැවසීය.
කොවිඩ් වසංගතය හමුවේ ඉතා අවදානම් සහ භාරදූර රාජකාරියක නිරත ව සිටින 38000ක් වන හෙද කාර්ය මණ්ඩලයට පහසුකම් සලසා දීමට රජය පියවර ගත යුතු බව ද මැදිවත්ත මහතා සඳහන් කළේය.