තවත්

    කොවිඩ් මරණ 2136 දක්වා ඉහළට

    කොවිඩ් 19 වෛරස ආසාදිතව මරණ 63 ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) උදෑසන 6.00 ට නිකුත් කළ වාර්තතාවේ දැක්වේ.

    එම මරණ සිදුවූයේ යැයි සදහන් වන්නේ මැයි 23 වෙනිදා සිට ජූනි 11 වෙනිදා දක්වා කාලය තුලදීය.

    මැයි 2 වෙනිදා සිට මැයි 31 දක්වා මරණ 12 ක්ද ජුනි 01 සිට 11 දක්වා මරණ 51 ක්ද සිදුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ. ඊයේ (12) කිසිදු මරණයක් වාර්තා වී නැතැයි එහි විශේෂයෙන් සදහන් කර ඇත. මේ ආකාරයට මෙයට පෙර දිනවලත් මරණ සිදුවී නැති දින විශේෂයෙන් වාර්තාකර තිබුණත් ඊට පසු දිනවල නිකුත් කෙරන වාර්තාවල එම දිනයට අදාල මරණ බොහොමයක් වාර්තාවන අයුරු දක්කට ලැබීමද විශේෂත්වයකි.

    අද උදෑසන නිකුත් කළ වාර්තාවට අනුව මරණ 11 ක්ම සිදුව ඇත්තේ ජූනි 11 වෙනිදාය. ඊයේ (12) අලුයම 3.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ 11 වෙනිදා කොවිඩ් මරණ වාර්තා වී නැති බව සදහන් විය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිකුත් කළ වාර්තාවට අනුව මේ වන විට කොවිඩ් ආසාදිතව සිදුව ඇති තහවුරුකළ මරණ ගණන වන්නේ 2136 කි.

    අද උදෑසන නිකුත් කළ තහවුරුකළ මරණ අතර කාන්තා මරණ 30 ක්ද පිරිමි මරණ 33 ක්ද වේ. ඒ අයගෙන් වැඩිම දෙනෙක් මියගොස් ඇත්තේ වයස අවුරුදුු 70 ත් 79 ත් අතර වයස්වල පසුවන්නන්ය. එම ගණන 23 කි.

    නිවසේදී මරණ 07 ක්ද රෝහල්කරා රැගෙන යමින් තිබියදී මරණ 09 ක්ද සිදුව ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img