Home දේශීය පුවත් උණුසුම් පුවත් පකිස්තානයේ ඉදන් ගෑස් ටැංකි අස්සේ රැගෙන ආ මත්කුඩු තොගයේ සැගවුණු කථාව

පකිස්තානයේ ඉදන් ගෑස් ටැංකි අස්සේ රැගෙන ආ මත්කුඩු තොගයේ සැගවුණු කථාව

0
පකිස්තානයේ ඉදන් ගෑස් ටැංකි අස්සේ රැගෙන ආ  මත්කුඩු තොගයේ සැගවුණු කථාව

ගෑස් ටැංකි තුළ සගවා රැගෙන එන විට මිරිස්සෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ 200 යේ හිමිකරුවන් ගැන තොරතුරු රැසක් මේ වන විට හෙළිකර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.

ඊට අනුව මෙම මත්කුඩු තොගය මෙරටට ගෙනඒමේ මෙහෙයුම දියත්වී ඇත්තේ ඩුබායි හී සිටය. හෙළිවී ඇති ආකාරයට කොස්ගොඩ සුජී සහ හරක්කඩා යන දෙදෙනා ඝෘජුවම ඊට සම්බන්ධව සිට ඇත.

මෙම මත්කුඩු තොගයය මෙරටදී භාර ගැනීමට සහ බෙදා හැරීමට භාරව සිට ඇත්තේ යැයි සදහන් වන්නේ දික්වැල්ලේ පුද්ගලයෙකුටය. මෙතෙක් කලක් එම පුද්ගලයා මත්කුඩු ජාවාරමේ නිරතවන්නෙක් ලෙස හෙළිවී නැත.

මත්කුඩු තොගය නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන එන්නේදැයි පරීකෂා කිරීමට පවා ඔහු වෙනත් බෝට්ටුවකින් ඈත දියඹට ගොස් සිට ඇතැයිද විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම මත්කුඩු තොගය පකිස්තානයෙන් ඇනවුම් කළ අවස්ථාවේ සිටම රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊට ඇස ගසාගෙන සිට ඇත. මත්කුඩු තොගය ඉරානයේ කුඩා නෞකාවකට පකිස්තානයේ ධීවර වරායකින් පටවා ඇත්තේ මැයි මාසයේ මුල් සතියේදීය. එම නෞකාව ගමන් ආරම්භකර ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ යාත්‍රාකරමින් සිටියදී බහුදිින යාත්‍රාවක් පසුගිය 11 වෙනිදා මිරිස්ස ධිවර වරායෙන් එම හෙරොයින් තොගය භාර ගැනීමට 05 දෙනෙක් සමග ගමන් කර තිබේ. ඒ අය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන් නෞකාවෙන් හෙරොයින් තොගය භාරගෙන මෙරට මුහුදු කලාපයට පැමිණ ඇත. අනතුරුව කුඩා යාත්‍රාවක් දකුණු මුුහුදු තීරයෙන් ගොස් බහුදින යාත්‍රාවේ ඇති හෙරොයින් තොගය පටවාගෙන මිරිස්සට පැමිණ ඇත.

මේ සියල්ලක්ම නාවික හමුදාවත් රාජ්‍ය බුද්ධි සේවයත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් විමසිලිමත්ව සිට කුඩා යාත්‍රාව ගොඩබිමට එන විටම අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි තිදෙනෙක් සමගිනි. යාත්‍රාවේ බැලූ බැල්මට පේන්නට තිබෙන්නේ ගෝනි දෙකක ඇසුරූ හෙරොයින් තොගයක් පමණි. ඒ එක් ගෝනියක හෙරොයින් කිලෝ 30 ක් පමණ අසුරා තිබුණි. ඊට අමතරව මෙම යාත්‍රාවේ නිල් පැහැති ගෑස් ටැංකි හතරක්ද විය. එම ගෑස් ටැංකි බැලූ බැල්මට අපේ රටේ ගෘහස්ත ගෑස් ටැංකි වලට සමානය. එහෙත් ඒවා ප්‍රමාණයෙන් අපේ ටැංකිවලට වඩා වෙනස්ය. විමර්ශන නිලධාරීන් ගෑස් ටැංකි ඔසවා බැලූ විට එහි අසාමාන්‍ය බරක්ද ඇතැයි දැනුනේය. ගෑස් ටැංකියේ ක්‍රියාකාරීත්වය ගැන විමසිලිමත් වීමේදී පෙනී යන්නේ ඒ තුළ ගෑස් නොමැති බවය. ඒ් අනුව සිදුවන්නේ ටැංකිය කපා පරීක්ෂා කිරීමය. ගෑස් ටැංකි තුළ සැගවූ හොරොයින් තොග මතුවන්නේ එවිටය. ඒ එක් ටැංකියක කිලෝ 35 ක හෙරොයින් අසුරා තිබුණේය. ඒ අනුව ටැංකි හතරේම හෙරොයින් කිලෝ 140 ක් විය. ඒ අනුව එම බෝට්ටුවෙන් රැගෙන පැමිණි හෙරොයින් ප්‍රමාණය කිලෝ 140 ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයකි.

මෙහෙයුම එතැනින් අවසන් නැත. නාවික හමුදාව ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවද අත්අඩංගුවට ගත්තේය. ඒ එහි සිටි 05 දෙදනාද සමගිනි. යාත්‍රාව සෝදිසියකට ලක්කළද එහි සැකකටයුතු කිසිවක් සොයා ගන්නට නොවීය. දැන් එය ගොඩබිමට රැගෙන එමින් ඇත්තේ පූර්ණ පරීක්ෂාවකටය.

මෙම යාත්‍රා දෙක අත්අඩංගුවට පත්වනවාත් සමග මෙම ජාවාරමේ මරට නියෝජිතයාද අතුරුදන් විය. එහෙත් ඔහුට වැඩි කාලයක් සැගව සිටීමට ඉඩක් ලැබුනේ නැත. රාජ්‍ය බුද්ධි සේවයේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් නිලධාරීන්ගේ ආවේක්ෂණයට ලක්වෙමින් සිටි බැවින් ඔහු කොටුවිය. දික්වැල්ලේ ලූනා නැමැති එම පුද්ගලයා දැන් සියල්ල වමාරන්නට පටන්ගෙන හමාරය. ඊට අමතරව මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය භාරගත් බෝට්ටුකරුද සිටින්නේ අත්අඩංගුවට ගෙනය. ඔහුත් බොහෝ දේවල් කියමින් සිටියි. ඒ මත්කුඩු ජාවාරම්කරුවන් මහා මුහුදේ කරන සෙල්ලම්ද සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here