තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්තෙල්බාලාගේ දියණිය මත්කුඩු සමග අල්ලයි

    තෙල්බාලාගේ දියණිය මත්කුඩු සමග අල්ලයි

    තෙල්බාලා නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ දියණියවන කරුපයියා නිර්මලා නැමැත්තිය හෙරොයින් ග්‍රෑම් 50 ක් සමග විශේෂ කාර්ය බලකාය ඊයේ (12) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මැයව අත්අඩංගුවට ගෙන ඇත. ඇය 42 හැවරදිය. හෙරොයින් තොගය බෙදා හැරීම සදහා රැගෙන යන විට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පරීක්ෂාව සිදුව තිබේ.
    මෙම තැනැත්තියගේ පියා වන කරුපයියා බාලේන්ද්‍රන් නොහොත් තෙල්බාලා නැමැත්තා මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුකක් වන ප්‍රබල පාතාල අපරාධකරුවෙකි.

    එල්.ටී.ටී.ඊ.යද සමග ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවැති ඔහු කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයට එල්.ටී.ටී.ඊ.ය යුද සමයේදී එල්ලකළ ප්‍රහාරයට සහය දුන් අයෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදුනාගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගොස් එරට සිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ලදි. ටැංකි 100 ක පමණ හිමිකරුවෙකු වෙමින් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි ප්‍රදේශයේ ප්‍රභූවරයෙක් ලෙස ඔහු ජීවත්වී ඇත.

    මෙරට පාතාලය සතුව තිබී ප්‍රභූ ආරක්ෂාවට යොදා ගන්නා මිනි ඌෂි වර්ගයේ ගිනි අවියක් පළමු වරට සොයා ගන්නේද තෙල්බාලා සතුව තිබියදීය.

    තෙල්බාලා හදවත් සැත්කමකට ලක්කර සිටියදී ඉන්දියාවේ රෝහලකදී 2017 වවසරේදී මිය යන අතර දේහය මෙරටට රැගෙන විත් ප්‍රභූවරයෙකුගේ අවසන් කටයුත්තක් ලෙස සිදුකරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img