Home දේශීය පුවත් ගෑස් මිල ගැන ඇමති සහ සමාගම් අතර පරස්පර කතා

ගෑස් මිල ගැන ඇමති සහ සමාගම් අතර පරස්පර කතා

0
ගෑස් මිල ගැන ඇමති සහ සමාගම් අතර පරස්පර කතා

ලෝක වෙළද පොලේ මිල ඉහළ යාම හේතුකොටගෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දමන්නැයි සමාගම් ඉල්ලීම්කර ඇතැයි වෙළද අමාත්‍යා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

මෙරට ගෘහස්ථ ගෑස් අලෙවියේ නිරතව සිටින්නේ සමාගම් දෙකක් පමණි. ඒ එක් සමාගමක් රජයට සම්බන්ධ සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම වන අතර අනෙත් ගෑස් සමාගම පුද්ගලික සමාගමක් වන ලාෆ් සමාගමයි.

ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා සදහන් කරන්නේ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩිවීමක් සිය සමාගම ඉල්ලා ඇත්තේ රුපියල් 580 කින් බවය.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා සදහන් කරන්නේ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අවම මිල වැඩිවීම රුපියල් 540 ක්වත් විය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here