තවත්

    මාස 21 ඉන්ධන සූත්‍රය

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙවර ඛනිජ තෙල් මිල ඉහළ දමා ඇත්තේ 2019 වසරින් පසුවය.

    ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිලත් සුපුරි ඩීසල් මිලත් මෙයට පෙර අවසානයට වැඩිවීමක් සිදුවන්නේ 2019 වසරේ සැත්තැම්බර් 10 වෙනිදාය.

    එම වැඩිවීම සිදුවන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 161 ක් ලෙසිණි. සුපිරි ඩීසල් ලීටරයක මිල වැඩිවන්නේ රුපියල් 132 ක් ලෙසිණි.

    ඔටෝ ඩීසල් මිල සහ භූමිතෙල් මිල මෙයට පෙර අවසානයට වැඩිවන්නේ 2019 වසරේ අගෝස්තු 13 වෙනිදාය. එවර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 104 ක් ලෙසිණි. භූමිතෙල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 70 ක් ලෙසිණි.

    මෙම මිල වැඩිවීමට පෙර මෙරට ඉන්ධන මිල සංශෝධනය සිදුවූ 2019 වසරේ බොරතෙල් බැරලයක මිල ලෝක වෙළද පොලේ පැවතියේ ඇමරිකානු ඩොලර් 64.3 ක් ලෙසිණි. එකළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 177 කට ආසන්න ලෙසටය.

    එසේම මෙවර ඉන්ධන මිල ඉහළ යන විට ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 63.16 ක් ලෙසිණි. මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 197 කට වැඩි වටිනාකමකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img