තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයමන්ත්‍රීවරියයි පරාජිත අපේක්ෂකයායි මහ පාරේ ගුටි කෙළියක

    මන්ත්‍රීවරියයි පරාජිත අපේක්ෂකයායි මහ පාරේ ගුටි කෙළියක

    වැල්ලවත්ත විහාර මාවතේදී කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරියක් සහ පරාජයට පත්වූ අපේක්ෂකයෙක් අතර අද (10) ගැටුමක් හටගෙන තිබෙන බව වැල්ලවත්ත පොලීසිය සදහන් කරයි.

    විහාර මාවතේ ග්‍රාමසේවා කාර්යාලය අසලදී මෙම ගැටුම හටගෙන ඇති අතර දෙදෙනාම රෝහල්ගතව ඇතැයිද පොලීසිය සදහන් කරයි.

    මන්ත්‍රීවරිය පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන කොළඹ මහා නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකර තේරීපත්වූ තැනැත්තියකි. පරාජයට පත්වූ අපේක්ෂකයාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අයෙකි.

    ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මන්ත්‍රීවරිය ග්‍රාමසේවා කාර්යාලයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා එකිනෙකට මුණ ගැසී බහින්බස් වී ඇති බවත් අනතුරුව දෙදෙනා පාරට පැමිණ එකිනෙකාට පහරදී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img