අංජනා මල්ලවආරච්චි
කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රීරෝද රථ රියැදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි.
මාසයක පමණ කාලයක් තිස්සේ සංචරණ සීමා හේතුවෙන් කුලී ගමන් යා නොහැකි හා කිසිදු ආදායමක් නොමැතිව ත්‍රී රෝද රථ රියදුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්ව සිටින බව ද සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායක එකමුතු සංගමයේ සභාපති එම්.ජේ. දිසානායක මහතා පැවසීය.
ත්‍රීරෝද රථවල ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර ඇතැම් වාහන මේ වන විට ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවද දිසානායක මහතා කීය.
කොළඹ ධාවනය කළ ත්‍රිරෝද රථවල රියදුරන්ට ගම් වලට යා නොහැකිව කුලී කාමර වල සිරවී සිටින අතර ඔවුන්ගේ නිවෙස්වලට මුදලක් යවාගත නොහැකිව සිටින බවද ඔහු කීය.