තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික හෙද හෙදියෝ යළි සේවයට

    විශ්‍රාමික හෙද හෙදියෝ යළි සේවයට

    අවශ්‍යතාව අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ.

    හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටි.

    ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබිණි.

    මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අදහස් පළ කළහ.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ.

    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙන්වා දුන්නාය.

    දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

    ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img