තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොරියානු තානාපතිනිය හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණයක

    කොරියානු තානාපතිනිය හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණයක

    ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිනිය මියොන් ලී මහත්මිය මැයි මස අගභාගයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණියාය. එහිදී කොරියානු ආයෝජන සහ වෙළඳ ක්ෂේත්‍රය සඳහා පවතින අවස්ථා මෙන්ම වරායේ මෙහෙයුම් ප්‍රවීණතා පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

    තානාපතිනිය සහ නියෝජ්‍ය මහ කොමසාරිස් එයුන්ජි කන්ග් මහත්මිය සහ පර්යේෂක මින්වූ ජෝ මහතාගෙන් සමන්විත දූත පිරිසට වරායේ උපායමාර්ගික යටිතල පහසුකම්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ආයෝජන සඳහා අනගි සුදුස්සෙකු වන HIP කාර්මික උද්‍යාන‍ය පිළිබඳව දැනුවත් කරන ලදී.

    කොරියානු සමාගම් හට කලාපීය වෙළඳාම් සහ නිෂ්පාදන වෙත පිවිසීමේ දොරටුවක් ලෙස HIP සැලකීමේ වැදගත්කම පෙන්වා දීම පිළිබඳ සාකච්ඡා හමුවේ විශේෂ අවධානය යොමු විය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), වරාය තුළ වර්ධනය වෙමින් පවතින කාර්මික පරිසරය තුළ, අනාගත ව්‍යාපාර ගොඩනැංවීමට කොරියානු ආයෝජකයින් හට ආරාධනා කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img