තවත්
    මුල් පිටුවදේශීය පුවත්බන්දුල පෙතියා ගේ වාසස්ථානයක් වන නික්කඳුප ොල ඇග මාර්ගයේ කොටසක් අභයභූමියක් ලෙස...

    බන්දුල පෙතියා ගේ වාසස්ථානයක් වන නික්කඳුප ොල ඇග මාර්ගයේ කොටසක් අභයභූමියක් ලෙස නම් කරන් න කැබිනට් අනුමැතිය

    මෙරටට ආවේනික වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ හඳුනා ගන්නා ලද කිලෝමීටර් 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසටම මීටර් පහළොව (15) බැගින් වන භූමි ප්‍රමාණය නික්කඳුපොල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව තිබේ.
    1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයකි.

    දැනට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර 2.5ක පමණ ප්‍රදේශයක පමණක් මෙම මත්ස්‍යයා ජීවත්වන බවට හඳුනාගනු ලැබ තිබේ.

    එම දොළ පාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදු වන දොළ පහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img