මුහුදු මාර්ග ඔස්සේ බහුදින ධිවර යාත්‍රාවල සඟවා මෙරටට රැගෙන එමින් තිබියදී මෙම වසර තුළ හෙරොයින් සහ අයිස් ටොන් එකහාමාරකට අධික ප්‍රමාණයක් බහුදින යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වර්ෂය තුළ මෙතෙක් සිදුකර ඇති වැටලීම් 04කදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 542 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1216 ක් අත්අඩංගුවටගත් මත්කුඩු අතර ඇත.
මෙම වසරේ අප්‍රේල් 05 දින හෙරොයින් කිලෝ 191ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671ක්, අප්‍රේල් 12 දින හෙරොයින් කිලෝ 77ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42ක්, මැයි මස 28 දින හෙරොයින් කිලෝ 274ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.