අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම්කිසි සහනයක් ලබාගැනීමට අදාළව ඇමෙරිකානු නියෝජිතයන් සමඟ සිදුවන සාකච්ඡාවල දෙවැනි වටය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ දී ආරම්භ කර තිබේ.
වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබෙන අතර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරිප්පෙරුම, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා එක්ව සිටිති.