ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම ලෙස පසුගිය වසරේ දී බිලියන 107ක වාර්තාගත ආදායමක් ලැබීමෙන් පසු කළමනාකාරිත්වය සේවක සේවිකාවන් වෙනුවෙන් අනුමත කළ දිරි දීමනා පාරිතෝෂිතය කපා හැරීමට මුදල් අමාත්‍යාංශය කළ තීරණයට එරෙහිව අද(29) එම සේවකයෝ වර්ජනයක නිරත වෙති.
ඒ අනුව අද උදෑසන 10.30 සිට සිය සේවා කටයුතුවලින් ඉවත් වූ ලංකා බැංකු සේවකයන් දෛනික රාජකාරිවලින්ද දහවල් 12.30 සිට ඉවත්ව යාමට තීරණය කර තිබේ.
මෙයට අමතරව තවදුරටත් සහනයක් නොලැබේ නම් ලබන සතියේ දෛනික වැඩ වර්ජනයකට එක්වීමට ලංකා බැංකු සේවකයන් සූදානමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමය සහ ලංකා බැංකුවේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයත් සඳහන් කරයි.