වයඹ පළාතේ මහාධිකරණයක විනිසුරුවරියකට ලිංගික හිංසනය වන ආකාරයේ කෙටි පණිඩුය යොමු කළ නීතීඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නීතීඥවරයා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම කෙටි පණිවුඩ යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පනිරෙන්ඩාවේ පදිංචිකරුවෙක් වන මෙම නීතීඥවරයා අවුරුදු 60ක් වයසැති අයෙකි. මේ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
සැකකාර නීතීඥවරයා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.