මෙරට ක්‍රියාත්මක ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමඟ පොදු ජනපෙරමුණ ,සමගි ජන බලවේගය, සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබල දේශපාලකයින් , සහ ප්‍රාදේශීය දේශපාලකයින් ,සම්බන්ධතා පවත්වන බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාතාල කල්ලිවල අපරාධ වර්ධනය වීමට මෙම දේශපාලන සම්බන්ධතා දැඩිව බලපා ඇති බවත් අමාත්‍යවරයා අවාධාරණය කළේය.
පාතාලයේ ගිනි අවි 1278ක් පොලිසිය භාරයට ගැනීමට මේ කාලය තුළ හැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි පිලිබඳව විධිමත් පරික්ෂණ ආරම්භ කර සැකකරුවන් 216ක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිට අපරාධ වැඩි වශයෙන් සිදුවන පොලිස් කොට්ඨාස 52ක් හඳුනාගෙන ඇති අතර එම පොලිස් කොට්ඨාස ආවරණය කරමින් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා ඇති බව ද කීවේය.
විදෙස් ගතව සිටින අපරාධකරුවන් ට එරෙහිව රතු නිවේදන 70ක් ලබාගනිමින් එම ජාවාරම්කරුවන් මෙරටට රැගෙන ඒම වෙනුවෙන් ඒ ඒ රටවල් සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. එවැනි සාකච්ඡා වලින් පසුව සංවිධානාත්මක අපරාධ කරුවන් 11 ක් දැනටමත් මෙරටට ගෙනවිත් තිබෙනවා. ඒ් අය අතර ලොකු පැටි, රවිඳු , සංදීප වැනි අපරාධ කරුවන් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ කාලය තුළ මෙරටින් පළායාමට උත්සාහ කළ අපරාධ කරුවන් 8 දෙනකු අත් අඩංගුවට ගැනිමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.