අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා තිබේ.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සඳහා අදාළ පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත moe.gov.lk සබැඳිය ඔස්සේ බාගත කර ගත හැක.