රන් පැහැය ආලේපනය කළ ටී 56 ගිනි අවියක් සමඟ කාන්තාවක් හැවලොක් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා අද වැල්ලවත්ත පොලිස් ස්ථානයට භාරදී තිබේ.
මෙම කාන්තාව අවුරුදු 68ක් වයසැති තැනැත්තිකි. ඇගේ 20 යහැවිරිදි වියැති දියණිය වසර 05කට පමණ පෙර මෙම නිවාස සංකීර්ණයේ ඉහළ මහලින් පැන සියදිවි හානිකරගෙන තිබුණි. ඊට හේතුව ඇයට රාත්‍රී සමාජ ශාලාවලට යාමට මුදල් නොදීමකි.
මෙම කාන්තාවගේ සැමියා ගැන පැහැදීලි තොරතුරු නැතත් ඇයට පුතෙක් සිටින බව සඳහන්ය. පුතා විවහා වී සිටින්නේ කසකස්ථාන ජාතික කාන්තාවත් බව අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව අද පෙරවරුවේදී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයකින් නිවාස සංකීර්ණයෙන් පිටතට ගොස් මෙම ගිනි අවිය රැගෙන පැමිණ ඇති බව සඳහන්ය. සෙල්ලම් භාණ්ඩයක් රැගෙන යන ආකාරයට ඇය මෙම අවිය රැගෙන නිවාස සංකීර්ණය වෙත ඇතුළු වන විට ඇතිවූ සැකය මත ආරක්ෂක නිලධාරීන් පරීක්ෂාවට ලක්කර තිබේ. මෙම අවිය ඇයට ලද ආකාරය ගැන පැහැදිලි හෙළිදරව්වක් නොකරන බව පොලිසිය පවසයි.