හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ අද(20) උදෑසන පාර්ලිමේන්තුව අසල පිහිටි රණවිරු ස්මාරකයට උපහාර දැක්වූහ.
16 වැනි විජයග්‍රහණයේ සැමරුමට සමඟාමීව පැවැති මෙම උපහාර උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ රණවිරු ස්මාරකය අසලට පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල් කළඹක් තබමින් රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූයේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරුන්වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන,හිටපු අමාත්‍යවරුන්වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, පොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.