තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලුණු නෑ-මිලත් නගියි

    ලුණු නෑ-මිලත් නගියි

    ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20000ක පළමු තොගය ලබන සතියේ දිවයිනට ළඟාවනතුරු මෙරට විවිද ප්‍රදේශවලින් වාර්තාවන ලුණු හිඟය සහ මිල ඉහළ යාම එලෙසම පවතිනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජාතික ලුණු සමාගම මෙන්ම ලංකා ලුණු සමාගම දැනට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000ක් ඇණවුම් කර තිබේ.
    ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂ දෙක බැගින් දෛනිකව වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දනතිලක මහතා ප්‍රකාශ කළේය.
    මෙතෙක් පැවති තොගවලින් ග්‍රෑම් 400 මේස ලුණු පැකට් ලක්ෂය බැගින් ඊයේ සහ අද(15) දිනයේ සතොස හරහා වෙළඳපොලට නිකුත් කර ඇති බව හෙතම හෙළි කළේය.
    අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙයට මාස දෙකකට පෙර ප්‍රසිද්ධ රැස්වීමක දී නැවත ලුණු ආනයනය නොකරන ප්‍රතිපත්තියක් පිළිබඳව ප්‍රසිද්ධි ප්‍රකාශයක් කර තිබූ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයෝ පසුගිය දා මෙම ප්‍රකාශය ප්‍රශ්න කළහ.
    කෙසේ වෙතත් සිදුවිය හැකි හිඟයක් කල්තබා පුරෝකතනය කර ගැනීමට නොහැකිවීම නිමා මෙම ලුණු හිඟය රට පුරා ඇති වූ අතර මේ වනවිට කළුකඩ වෙළන්දන් ලුණු කිලෝව රුපියල් 450-600 අතර මිල ගණන්වලට පවා ලුණු අලෙවි කර තිබිණි.
    නියමිත මිලට ඉහළින් මෙවැනි වංචාවන්වලට හවුල් වෙළෙන්දන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් ක්‍රියාත්මක කරමින් සිටියි.
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img