තවත්
    මුල් පිටුවදේශීය පුවත්රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුව ට - වරෙන්තු 07ක් තියෙනවලු

    රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුව ට – වරෙන්තු 07ක් තියෙනවලු

    ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යන ඇය එහි සේවකයන්ට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වන බවත් ඒ සම්බන්ධයෙන් ඇයට වරෙන්තු නිකුත්කර තිබී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන්ය.

    කාලයක් තිස්සේම ඇයට එරෙහිව වරෙන්තු තිබී ඇතත් ඇතැම් පොලිස් නිලධාරීන් එම වරෙන්තු ක්‍රියාත්මක නොකර සඟවාගෙන සිට ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දිගින් දිගටම ඇයට එරෙහි වරෙන්තු පොලිසියෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නුගේගොඩ අධිකරණය විසින් නුගේගොඩ කොට්ඨාශයභාර පොලිස් අධිකාරිවරයාට නොතිසි නිකුත් කිරීමක්ද කර තිබී ඇත.

    වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිධූරය වෙනස් වීමත් සමඟ ඇයට එරෙහිව අධිකරණය විසින් නිකුත්කර තිබුණු වරෙන්තු සම්බන්ධයෙන් නව ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියදී ඇය රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවටගත් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img