තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොත්මලේ දී මගී බස් රථයක් අඩි 100 ප්‍රපාතයකට - 15ක් මියගිහින්

    කොත්මලේ දී මගී බස් රථයක් අඩි 100 ප්‍රපාතයකට – 15ක් මියගිහින්

    කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද අලුයම් කාලයේදී සිදුවූ අනතුරුන් 15 දෙනෙක් මියගොස් ඇත.

    අනතුරින් තුවාල ලැබූ මගීන් 39 දෙනෙක් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වලට ඇතුලත් කර තිබේ.

    මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයේ ද කිහිප දෙනෙක් සිටින බවත් ඔවුන්ගේ ජීවිත ඇත්තේ අවධානම් තත්ත්වයක බවත් රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    මෑතකදී සිදුවූ දරුණුම රිය අනතුර ලෙස සැලකෙන්නේ මෙයයි. රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සැකකරයි. බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ද මංතීරුව පැත්තෙන් මෙසේ ප්‍රපාතයට වැටී ඇති බවත් ගලක සිරවීමෙන් බස් රථය නතර වී ඇති බවත් පොලිසිය කියයි. එසේ නොවන්නට තවත් ප්‍රපාතයට බස් රථය වැටීමට ඉඩ තිබී ඇත.

    බස් රථයේ සිරවී සිටි පිරිස් බේරාගෙන ඇත්තේ යකඩ කපන උපකරණ වලින් බස් රථයේ තහඩු කපාය. මේ වන විටත් බස් රථයේ සිරවී සිටින දෙදෙනෙක් බේරා ගැනීමේ සටනක නිරතවන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img