තවත්
    මුල් පිටුවදේශීය පුවත්මාදුරු ඔයට බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටේ - විශේෂ බලකා සෙබලු...

    මාදුරු ඔයට බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටේ – විශේෂ බලකා සෙබලු 11 ක් රෝහලට

    විශේෂ බලකා සෙබළුන්ගේ විසිරයාමේ උත්සවයක සංදර්ශනයක් සඳහා ගුවන් ගත කර තිබුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයට අද උදෑසන කඩාවැටී තිබේ.

    අරලගන්විල ප්‍රදේශයේදී මාදුරු ඔයට මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.

    මෙම අනතුර සිදුවන විට විශේෂ බලකා සෙබලු කණ්ඩායමක් හෙලිකොප්ටරේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි. එහි සිටි කිසිවෙකුටත් මෙම අනතුරෙන් ජීවිත හානියක් සිදුව නොමැත.

    ගුවන් නියමුවා ඇතුළු සෙබළු 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇත. ඒ අතරින් ගුවන් නියමුවා ඇතුළු4 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    මෙම අනතුරට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img