තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුංචි ඡන්දයෙන් මාලිමාව ඉදිරියට

    පුංචි ඡන්දයෙන් මාලිමාව ඉදිරියට

    පළාත් පාලන ඡන්ද විමසීම 2025 ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වනතුරු නිකුත් කළ ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය (මාලිමාව) පළාත් පාලන ආයතන රැසක බලය අත්පත්කර ගැනීමට සමත්ව තිබේ.

    මෙයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාලනය වූ පලාත් පාලන ආයතන බහුතරයක බලය ඒ අනුව ජාතික ජනබලවේගය පක්ෂයට හිමිව ඇත.

    මෙවර ඡන්දයේ අනෙක් කැපී පෙනෙන වෙනස නම් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ ජාතික ජනබලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව මෙවර පළාත් පාලන මැතිවරණයේ තවත් පහළ යාමයි.

    ඒ අනුව බොහෝ පළාත් පාලන ආයතනවල බහුතර බලය තනි පක්ෂයක් ලෙස ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගයට හිමි උවද, විපක්ෂය සියලු පක්ෂ සමඟ ලැබූ ආසන සංඛ්‍යාව ඔවුන් අභිබවා ගිය පළාත් පාලන ආයතන බහුතරයක් ද වාර්තා වේ.

    ආණ්ඩුවට මෙම ප්‍රතිඵලයෙන් බොහෝ පාඩම් ඉගෙනීමට තිබෙන අතර ශක්තිමත් ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය වීමේ විපක්ෂ අපේක්ෂාවද පෙන්නුම් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img