තවත්
    මුල් පිටුවදේශීය පුවත්බදු වංචාකරුවන් ගැන රේගුව රටටම කියන්න යයි

    බදු වංචාකරුවන් ගැන රේගුව රටටම කියන්න යයි

    රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

    ලබන ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    http://http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

    රේගු වංචා අවම කරමින් රේගුවට අයකරගත යුතු වන බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා මේ පියවර ගත් බව රේගුව පවසයි.

    මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව රේගුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img