ගෙලවැලලාගෙන සියදිවි හානිකරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවාට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් අතරින් සිව් දෙදෙනක් අද (05) සවස සමනලවැව පොලිසියට පැමිණ භාරවි තිබේ.
නීතීඥවරයෙකු සමඟ ඔවුන් සිව් දෙනා පොලිස් ස්ථානයට පැමිණ භාරවී මෙන් අනතුරුව අත්අඩංගුවටගත් බව සමනලවැව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිසුන් සිව් දෙනා අද රාත්‍රී කාලයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබිණි.