තවත්
    මුල් පිටුවදේශීය පුවත්සියදිවි හානිකරගත් සිසුවාට නවක වදය දුන්නා ට සි.අයි.ඩී.ය ඇල්ලූ ජේෂ්ඨ සිසුන් සිව්...

    සියදිවි හානිකරගත් සිසුවාට නවක වදය දුන්නා ට සි.අයි.ඩී.ය ඇල්ලූ ජේෂ්ඨ සිසුන් සිව් දෙනා රිම ාණ්ඩ්

    ගෙල වැලාගෙන සියදිවි හානිකරගත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු චරිත් දිල්ශාන් සිසුවාට නවක වදය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවටගත් තෙවැනි වසරේ සිසුන් සිව් දෙනා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය අද (05) නියෝග කළාය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් වන උක්ගල්බඩදේවගේ ලක්මාල් වික්‍ර‍මසිංහ, දමිරු රණවක, චින්තක විරාජ් විමලරත්න සහ මලවැන්න ගොඩගේ පුන්සදු විමංස යන සැකකරුවන්ය.

    මෙම නවකවද සිද්ධියට අදාළව සබරගමුව විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් 20 දෙනකුගෙන් ප්‍ර‍කාශ සටහන් කරගත් බවත් සිදුකළ විමර්ශනවලට අනුව සැකකාර සිසුන් සිව් දෙනා එම විශ්ව විද්‍යාලය තුළදී අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img