පොලිස් වැටලීමක් මුවාවෙන් මහනුවර අරුප්පල මාපානාවතුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩාවැදී රුපියල් ලක්ෂ 85ක මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (30) මහනුවර පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලය පසුගිය වසරේ මැයි 15 වෙනිදා සිදුව තිබිණි. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මහනුවර පොලිසිය විසින් සිදුකර එම කොල්ලකෑම සම්බන්ධයෙන් මහනුවර සහ පොලිස් මූලස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද ඇතුළු 06 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. .
ව්‍යාපාරිකයා ඔහුට අයත් මහනුවර පිහිටි නිවස සහ ඉඩම රුපියල් කෝටි 06කට අලෙවිකර ඇති බව දැනගෙන එම මුදල් කොල්ලකෑම සඳහා මුල් අවස්ථාවේදී අත්අඩංගුවටගත් මහනුවර පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයා විසින් ව්‍යාජ වැටලීමක් සිදුකරමින් මෙම කොල්ලය සිදුකර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබිණ..