තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි - සැප්තැම්බර ් ඉදන් මේ දක්වා විටෙන් විට...

    ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි – සැප්තැම්බර ් ඉදන් මේ දක්වා විටෙන් විට මිල අඩුවෙලා

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ( 30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියළුම ඉන්ධන වර්ගවල මිල පහත දමා තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින්ද පහළ දමා ඇත.

    මේ හැරුණු කොට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින්ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින්ද පහත දමා තිබේ.

    ලංකා භූමිතෙල් මිලද මෙම මිල සංශෝදනයට අනුව රුපියල් 05කින් අඩුකර ඇත.

    ඒ අනුව රුපියල් 361ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 341 කි.

    මෙතෙක් රුපියල් 299ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293කි.

    රුපියල් 286ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 274ක් දක්වා අඩුවී තිබේ.

    රුපියල් 331ක්ව පැවැති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 325කි.

    මිල සංශෝධනයෙන් පසු ලංකා භූමිතෙල් මිල රුපියල්178කි. මෙතෙක් භූමිතෙල් ලීටරයක මිල පැවැතියේ රුපියල් 183ක් ලෙසිනි.

    මාර්තු 31 වැනි දින කළ මිල සංශෝධනයේ දී පෙට්ට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 10කින් ඔක්ටේන් 95 රුපියල් 10 කින් අඩු කළ අතර සෙසු ඉන්ධන වෙනස් කිරීමක් සිදු නොකිරිණි.
    පෙබරවාරි 28 වැනිදා ඉන්ධනවල කිසිඳු මිල සංශෝධනයක් සිදු නොකිරිණි.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2024 වසරේ සැප්තැම්බර් 30 වෙනිදා සිදුවූ පළමු ඉන්ධන සංශෝධනයේ සිට මේ දක්වා සිදුවූ සංශෝධනයන්ට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 39කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින්ද අඩුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img