තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතලයක් විකුණූ වෙළෙන්දාට රුපියල් ලක්ෂයක දඩයක්

    පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතලයක් විකුණූ වෙළෙන්දාට රුපියල් ලක්ෂයක දඩයක්

    පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකුණූ බවට එල්ලවූ චෝදනාවකට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (30) නියෝග කළාය.

    කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙළඳසැලක හිමිකරුවකුට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.

    ඉකුත් 11 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව වැඩි මිලට වතුර බෝතල් අලෙවි කිරීමක් සම්බන්ධයෙන් වැටලීමක් සිදුකිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img