තවත්
    මුල් පිටුවදේශීය පුවත්මැති ඇමති 22ක් ජනපති අරමුදලින් ප්‍රතිකාරගත් හැටි හොයන සී.අයි.ඩී පරීක්ෂණ ඇරඹෙයි

    මැති ඇමති 22ක් ජනපති අරමුදලින් ප්‍රතිකාරගත් හැටි හොයන සී.අයි.ඩී පරීක්ෂණ ඇරඹෙයි

    ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කෙරෙන හිටපු ඇමතිවරු 22 දෙදෙනෙක් ලබාගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ඔවුන් ප්‍රතිකාරගත් බව සඳහන් රජයේ සහ පෞද්ගලික රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (30) නියෝගකර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

    විමර්ශනයට ලක් කෙරෙන එම පිරිස විදේශ රෝහල්වල ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහාය ලබා දෙන ලෙස විදේශ කටයුතු ලේකම්වරියටද ඊට සමගාමීව නියෝගයක් නිකුත් කළාය.

    ඉකුත් 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් හිටපු මැතිඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් විසි දෙදෙනෙකු විවිධ ප්‍රමාණයන්ගෙන් රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් ලබාගැනීම සම්බන්ධන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශනය සිදු කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img